පොලිස්පතිගේ සේවා දිගුවටත් අනුමැතිය නෑ

පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාගේ තෙවැනි සේවා දිගුවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ) ප්‍රතික්ෂේප කර ඇත.

පොලිස්පති සී. ඩී වික්‍රමරත්න මහතාට තුන්වැනි සේවා දිගුව ලබා දුන්නේ පසුගිය 3 වැනිදාය.

ඔහුට මෙලෙස තුන්වැනි සේවා දිගුව දුන්නේ සති තුනක කාලයක් සඳහාය. මේ අනුව පොලිස්පතිගේ සේවා කාලය ලබන 24 වැනිදා අවසන්වීමට නියමිතය.

පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාගේ සේවා දිගු අනුමත කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් දිගටම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ගැටලු රැසක් මතුව ඇතැයි වාර්තා වේ.

මේ අතර තුන්වෙනි සේවා දිගුව අවසන් වීමෙන් පසු පොලිස්පති සිරි වික්‍රමරත්න මහතාට තවත් සේවා දිගුවක් ලබා දෙන්නේද එසේ නැත්නම් නව පොලිස්පතිවරයකු පත් කරන්නේද යන්න සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයි වාර්තාවේ.

පොලිස්පති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සිවු දෙනකුගේ නම් රජයට දැනටමත් යෝජනා වී ඇත.

Leave a Reply

Your email address will not be published.