පොලී අනුපාත ගැන මහ බැංකුවෙන් දැඩි තීරණයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ වන දෙවැනි වාරිකය එළඹෙන දෙසැම්බර් මාසය තුළ ලබාගත හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (24) සඳහන් කළේය.

ඒ මහ බැංකුවේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කර සිටියේ, ලංකාව ඉතා හොඳ ප්‍රගතියක් අත්කරගනිමින් සිටින බවය.

IMF පළමු ඇගයීමෙන් පසුව ආසියානු සංවර්ධන බැංකුවෙන් සහ ලෝක බැංකුවෙන් විදේශ මුදල් ලැබීම තුළින් රජයේ අයවැය හිඟය පියවා ගැනීමට පිටුවහලක් ලැබෙන බවද මහ බැංකු අධිපතිවරයා පැවසීය.

මේ අතර ප්‍රතිපත්ති පොලී අනුපාත තවත් අඩුකරමින් නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පහත දැමීමට මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර තිබේ.

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ ක්‍රියාත්මක මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය සිය දෙවන මුදල් ප්‍රතිපත්ති සමාලෝචනය ඊයේ (23) පවත්වා තිබේ.

එහිදී, මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය , පිළිවෙළින්, සියයට 9.00 සහ සියයට 10.00 දක්වා පදනම් අංක 100කින් අඩු කිරීමටයි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර ඇත.

උද්ධමනය ස්ථාවර මට්ටමකට පැමිණීම සැලකිල්ලට ගෙන මෙලෙස ප්‍රතිපත්ති පොලී අනුපාත පහත හෙළන බව මහ බැංකුව පවසයි.

ප්‍රශ්නය – ප්‍රමුඛ ණය පොලී අනුපාතය ඇතැම් බැංකුවල 15%ට එහා මට්ටමක තිබුණා. මහ බැංකුව චක්‍රලේඛයක් නිකුත් කළා. මේ වනවිට වාණිජ බැංකු ඒ සඳහා අනුගත වෙලා ද තිබෙන්නේ ?

“බැංකු 10ක් තාමත් ඒ මට්ටමට ඇවිත් නෑ. අපි ඒත් හැමෝටම දැනුම්දුන්නා දෙසැම්බර් 31 වෙනවිට එන බවට. නැත්නම් අපි යම් ක්‍රියාමාර්ගයක් ගන්නවා. අපි ඒක දැනුම්දීලා තියෙන්නේ.”

Leave a Reply

Your email address will not be published.