ලිට්‍රෝ ගෑස් මෙවර ගෑස් නොපෙන්වයි

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස සංශෝධනය නොකරන බව එම ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය. ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඉහළ ගිය ද ඉදිරියේ එන උත්සව සමය පිළිබඳව අවධානය යොමුකරමින් ගෑස් මිල ඉහළ නොදමන බව ද පීරිස් මහතා සඳහන් කළේය.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 3,565 ක, කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක මිල රුපියල් 1,431 ක සහ කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 668 ක තවදුරටත් පවතින බව ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.