කැලණිය විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දමයි

කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට එම විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව වෛද්‍ය පීඨය හැර කැලණිය විශ්ව විද්‍යාලයේ සියළුම පීඨ අද (04) පස්වරු 2.00 සිට නැවත දැනුම්දෙන තුරු වසා දමන බවයි කැලණිය විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා සඳහන් කළේ.

හෙට (05) උදෑසන 8.00ට පෙර සියලුම නේවාසික සිසුන් සිය නේවාසිකාගාරවලින් ඉවත්විය යුතු බවයි වැඩිදුරටත් දැනුම් දී තිබෙන්නේ.

කැලණිය විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශයේ සේවයේ නිරතව සිටි ආරක්ෂක නිලධාරියෙකු විවේකාගාරයේ නිදා සිටියදී පැහැරගෙන ගොස් රඳවාගෙන පහරදීමේ සිද්ධියට අදාළව මෙම පියවර ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published.