යතුරුපැදිවලින් ඇවිත් පහරදී මරා දමලා

හංවැල්ල සිරිනිවාස වත්ත ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයකුට යතුරු පැදියකින් පැමිණි කිහිප දෙනකු ඊයේ (03) රාත්‍රි තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමක් නිසාවෙන් බරපතල තුවාල ලබා සාලාව දිසා රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ හංවැල්ල වග සිරිනිවාස වත්ත පහල කොටස ප්‍රදේශයේ පදිංචිකරුවකු වන කේ. විජේකුමාර නැමැති පුද්ගලයෙකි.

පහරදීමෙන් අනතුරුව පහරදීමට සම්බන්ධ සැකකරුවන් තිදෙනා පලා ගොස් ඇති බවත් සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ ආරම්භ කළ බවද පොලිසිය පවසයි.

සිද්ධිය වූ ස්ථානයට පැමිණි සීතාවකපුර පොලිස් කොට්ඨාසයේ අපරාධ ස්ථාන විමර්ශනය නිළධාරීන් සහ හංවැල්ල පොලිසියේ අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරීන් පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published.