කතරගම දේවාලයේ ප්‍රධාන කපුවා අත්අඩංගුවට ගැනීමට නියෝග

රුහුණු කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපුවා සහ දේවාල ගබඩාව භාර කපුවා අත්අඩංගුවට ගන්නා ලෙසට නීතිපතිවරයා විසින් උපදෙස් ලබාදී තිබෙනවා.

තම දරුවාගේ අපල වෙනුවෙන් භාරයක් ලෙස පාතාල නායක අංගොඩ ලොක්කා නමැති අයගේ බිරිඳ විසින් 2019 ජුලි 03 වැනි දින රුහුණු කතරගම මහා දේවාලයට පූජා කළ රත්‍රන් පවුම් 38ක් බරැති රත්තරන් තැටියක් අස්ථානගත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම නියෝගය ලබාදී තිබෙන බවයි සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා ඇති අතර, ඒ අනුව ඊයේ (07) වන විට අදාළ නීතිපති උපදෙස් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ලැබී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published.