ක්‍රිකට් අතුරු කමිටුව ගැන හරීන් තීරණයක් ගනී

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් පත්කරනු ලැබූ ක්‍රිකට් අතුරු කමිටුව අවලංගු කිරීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා තීරණය කර තිබේ.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කරන්නේ අතුරු කමිටුවක් පත් කිරීමේ තීරණය අවලංගු කිරීමේ ගැසට් පත්‍රයට තමන් අත්සන් තැබූ බවය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම ඉවත් කරගැනීමේ අරමුණ සහිතව තමන් මෙම තීරණය ගත් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

මේ අතර අදාළ ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳව විගණකාධිපතිවරයා විසින් නිකුත් කර ඇති වාර්තාව සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට නීතිපතිවරයාට දැනුම්දුන් බවය.

එසේම එම විගණන වාර්තාව පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිරීක්ෂණයන් සඳහා ඔවුන් වෙත ලිඛිතව දැනුම්දීමට පියවර ගත් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.
 

Leave a Reply

Your email address will not be published.