කිරිබත්ගොඩ, ගාල හන්දිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක අද (18) අලුයම 2.30ට පමණ වෙඩිතැබීමක් සිදුව තිබේ.
අප වාර්තාකරු පැවසුවේ වෙඩි 6ක් පමණ තබා ඇති බවට පොලීසියේ ප්‍රකාශකයෙකු පැවසු බවය.
කෙසේවෙතත් වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බව ද වාර්තා වේ.
වෙඩිතැබීම සම්බන්ධයෙන් මේ වනවිට කිරිබත්ගොඩ පොලීසිය සහ විශේෂ කාර්ය බළකාය එක්ව පරීක්ෂණ ආරම්භ කර තිබේ.