ඥාති සොහොයුරිය අපයෝජනය කළ තරුණයෙකු අත්අඩංගුවට

වසර 2 තිස්සේ සිය ඥාති සොහොයුරියක් ලිංගිකව අපයෝජනය කළ තරුණයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ළමා අසභ්‍ය දර්ශන නරඹන හා හුවමාරු කරගන්නා පුද්ගලයන් පහසුවෙන් හඳුනාගැනීම සඳහා ගූගල් සමාගම මගින් ශ්‍රී ලංකා පොලිසියට හඳුන්වාදුන් නව ක්‍රමවේදයක් උපයෝගී කරගනිමින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලීසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, කොළඹ පදිංචි 18 හැවිරිදි තරුණයෙකි.

මෙම තරුණයා අතින් අපයෝජනයට ලක්ව ඇත්තේ ඔහුගේ ඥාති සොහොයුරියක් වන 12 හැවිරිදි වියේ පසුවන දැරියකි.

සැකකාර තරුණයා දැරිය ලිංගිකව අපයෝජනය කරමින් ඒවා වීඩියෝ ගතකර ගූගල් ඩ්‍රයිව් වෙත අප්ලෝඩ් කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන පළමුවැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මෙය ගූගල් සමාගම මගින් ලබාදුන් අදාළ තොරතුරු අනුව සිදුකළ පළමු අත්අඩංගුවට ගැනීමයි.

Leave a Reply

Your email address will not be published.