උසස් පෙළ අයඳුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර සංශෝධන කාලය දීර්ඝ කෙරේ

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා ඉල්ලුම් කර ඇති අයඳුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර සංශෝධනය සඳහා ලබා දී ඇති කාල සීමාව දෙසැම්බර් 22 වැනි දා දක්වා දීර්ඝ කර තිබේ.

විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා පවසන්නේ අදාළ ප්‍රවේශපත්‍ර සංශෝධනය ඊයේ (19) දිනයෙන් අවසන් වීමට නියමිතව තිබූ බවය.

“ඔබ ඉල්ලුම් කළ විදියට නම තියෙනවා ද? විෂයන් නිවැරදිද? මාධ්‍ය නිවැරදිද? උපන්දිනය සියලු තොරතුරු නිවැරදිද කියන එක පරීක්ෂා කරන්න. අපි අවස්ථාව දුන්නා මෙහි දෝෂයක් තියෙනවා නම් එය දෙසැම්බර් 22 වනදා මධ්‍යම රාත්‍රී 12 දක්වා අපි දීර්ඝ කළා. https://onlineexams.gov.lk/onlineapps/ වෙබ් අවඩියට පිවිස සියලු සංශෝධන සිදුකළ හැකිය. අපි අවස්ථාව දෙනවා එහි මුද්‍රිත පිටපතක් ලබාගන්න. එය රැගෙන ඔබ විභාග ශාලාවට යන්නේ.”

විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා පවසන්නේ සියලු අයඳුම්කරුවන් සඳහා මේ වනවිට විභාග ප්‍රවේශ පත්‍ර යොමු කර ඇති බවය.

මේ අතර විශ්වවිද්‍යාල කලා උපාධි ධාරාවේ සැලකිය යුතු වෙනස්කම් රැසක් සිදුකිරීමට තීරණය කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සාමාජික මහාචාර්ය ප්‍රේමකුමාර ද සිල්වා මහතා පවසයි.

මෙරට සියලුම විශ්වවිද්‍යාලවල ශාස්‍ත්‍ර පීඨ ආචාර්යවරුන්ගේ සහභාගිත්වයෙන් පැවති සම්මන්ත්‍රණයක දී මෙම තීරණයට එළඹි බව ඔහු පවසයි.

Leave a Reply

Your email address will not be published.