පසුගිය පැය 24 තුළ සැකකරුවන් 1,865ක් අත්අඩංගුවට

රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ පසුගිය පැය 24 තුළ සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 1,865ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

ඒ අනුව එම සැකකරුවන් අතරින් 145 දෙනෙකු සම්බන්ධව රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලීසිය සඳහන් කළේ.

එසේම, සැකකරුවන් 40 දෙනෙකු සම්බන්ධයෙන් නීතිවිරෝධි වත්කම් විමර්ශන ආරම්භ කරනු ලබන අතර, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පුද්ගලයින් 134 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා.

මෙම මෙහෙයුමේදී හෙරොයින් මත්ද්‍රව්‍ය 613g ක්, අයිස් මත්ද්‍රව්‍ය 746g ක්, ගංජා මත්ද්‍රව්‍ය 16kg 500g ක්, ගංජා පැළ 272,041ක්, මත්පෙති 3,142 ක් හා තවත් මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බවයි සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published.