ලොකු ලූනු සඟවා තිබූ ගබඩාවක් හසුවෙයි

ආනයනික ලොකු ලූනු තොග ගබඩාවල සඟවා ඉතා සූක්ෂම ලෙස වැඩි මිල ගණන් යටතේ අලෙවි කිරීම සම්බන්ධයෙන් ලද තොරතුරු පිළිබඳ පාරිභෝගික අධිකාරිය විමර්ශන ආරම්භ කර තිබේ.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටි පෞද්ගලික තොඟ ගබඩාවක් මාතලේ දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරිය විසින් පරීක්ෂා කර ඇති අතර එහිදී පාකිස්තානය, ඉන්දියාව, තුර්කිය සහ ඉරානය ආදී රටවල් රැසකින් ගෙන්වා තිබූ ලොකු ලූනූ තොග හමුවී ඇති බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published.