දීර්ඝ සති අන්තය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාව අද සිට ආරම්භ වෙයි

දීර්ඝ සති අන්ත සහ පාසල් නිවාඩුව වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවනය අද (22) සිට ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වාත්, මහනුවර සිට බදුල්ල දක්වාත් විශේෂ දුම්රිය ධාවනය කෙරෙන බවයි දුම්රිය ගමනාගමන අධිකාරි එන්.ජේ. ඉඳිපොලගේ සඳහන් කළේ.

එසේම කන්කසන්තුරය හා අනුරාධපුරය දක්වා ගමන්කරන මගීන් සඳහාත් විශේෂ දුම්රිය ගමන්වාර ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published.