හමාස් සංවිධානය දැඩි තීරණයක් ගනී

ප්‍රහාර එල්ලකිරීම සම්පූර්ණයෙන් නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වනතුරු ප්‍රාණ ඇපකරුවන් නිදහස් නොකරන බව හමාස් සංවිධානය පවසයි.

ඊශ්‍රායලය පවසන්නේ මෙම මස මුලදී පැවති සටන් විරාමයෙන් අනතුරුව මේ දක්වා හමාස් සටන්කාමීන් 2,000ක් පමණ ඝාතනය කළ බවයි.

එම සටන් විරාමය අතරතුරදී ප්‍රාණ ඇපකරුවන් 100 දෙනෙක් පමණ නිදහස ලැබූ අතර තවත් ප්‍රාණ ඇපකරුවන් 120කට වැඩි පිරිසක් හමාස් බාරයේ සිටිතැයි සඳහන් ය.

දෙපාර්ශ්වය අතර සටන් විරාමයක් ඇති කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ද දැඩි පරිශ්‍රමයක් ගනිමින් සිටියි.

ඔක්තෝබර් 07 වනදා සිද්ධියෙන් අනතුරුව ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් මේ දක්වා පලස්තීනුවන් 20,000කට අධික පිරිසක් මරණයට පත්ව තිබේ.

Leave a Reply

Your email address will not be published.