පිටකොටුවේ කල් ඉකුත් වූ කිරිපිටි අලෙවිකළ තොග වෙළඳසැලක් වටලයි

පිටකොටුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය කල් ඉකුත් වූ කිරිපිටි තොග බෙදාහරින ස්ථානයක් වැටලීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් හා විශේෂ විමර්ශන ඒකකය ඊයේ (22) කටයුතු කළා.

පිටකොටුව ප්‍රදේශයේ තොග අලෙවිසැල් විශේෂ පරීක්ෂාවකට ලක්කිරීමේදී මෙම ස්ථානය හමුවූ අතර, එහිදී අලෙවි කිරීමට සුදානම් කර තිබූ කල් ඉකුත් වූ කිරිපිටි කිලෝග්‍රෑම් 825 ක තොගයක් සොයාගත් බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසන්නේ.

අයිස්ක්‍රීම් සහ රසකැවිලි වෙළෙඳුන් හට මෙම කල් ඉකුත් වූ කිරිපිටි විකුණා ඇති බව එහිදී අනාවරණය වී තිබෙනවා.

මෙම තොග වෙලෙඳසැල් හිමිකරුට එරෙහිව නඩු පැවරීමට නියමිත අතර මේ පිළිබඳව වැඩිදුර විමර්ශන තවදුරටත් සිදුකරන බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Leave a Reply

Your email address will not be published.