කුඩ්ඩන්ට අයත් කෝටි 13ක දේපල පොලිස් බාරයට

සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අයත් බව කියන කෝටි 13 කට වැඩි දේපොළ නීති විරෝධී වත්කම් හෝ දේපොළ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අද (22) බාරයට ගනු ලැබීය.

බහුදින යාත්‍රාවක්, වෑන් රථයක්, ජීප් රථයක්, මෝටර් රථයක්, හික්කඩුව, මහමෝදර සහ හබරාදූව යන ප්‍රදේශවල ගොඩනැගිලි 3 ක්, රත්‍රං පවුම් 30 ක් මෙලෙස   තහනමට ලක්කර තිබේ.

වැඩබලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා ද තහනමට ලක්කළ දේපොළ පිළිබඳව සොයාබැලීම සදහා හික්කඩුව ප්‍ර දේශයට පැමිණ  සිටියේය.

විදේශගතව සිට ඉතා ක්ෂුක්ෂම ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකර එම ජාවාරමෙන් උපයාගන්නා ගන්නා ලද මුදල් භාවිත කර මෙම වාහන සහ දේපල මිලදී ගෙන ඇති බවට විමර්ශන නිළධාරීන් වෙත අනාවරණය වීමෙන් පසුව මෙම දේපල තහනමට ලක්කිරීමට පියවර ගත් බව නීති විරෝධී වත්කම් හෝ දේපොළ විමර්ශන කොට්ඨාසය පවසයි.

Leave a Reply

Your email address will not be published.