උඩවලව වන රක්ෂිතයේ මහා පරිමාණයේ ගංජා වගාවක් වටලයි

උඩවලව වන රක්ෂිතය තුළ මහා පරිමාණයෙන් පවත්වාගන යනු ලබන ගංජා වගාවක් සම්බන්ධයෙන් යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව ඊයේ (27) දින යුද්ධ හමුදා බුද්ධි අංශය හා මාතර අපරාධ කොට්ඨාශ පොලිස් නිලධාරීන් විසින් සිදුකරන ලද ඒකාබද්ධ වැටලීමකින් අනතුරුව උඩවලව රක්‍ෂිතයේ වෙහෙරගොල්ල වන රක්‍ෂිතය තුළ වගාකරන ලද අක්කර 06ක පමණ වපසරියකින් යුත් මහා පරිමාණ ගංජා වගාවක් අත්අඩංගුවට ගෙන ඇති ඇති බවට වාර්තාවේ.

එහි අඩි 6ක පමණ උසින් යුත් ගංජා පැල ලක්ෂ දෙකකට අධික ප්‍රමාණයක් තිබී ඇති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කටයුතු සිදුකරමින් පවතින බව පොලිස් ආරංචි මාර්ග සදහන් කර ඇති බවට වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published.