ඉමියුනෝග්ලොබියුලින් සිද්ධියේ මහ මොළකරුවන් තිදෙනා

ආන්දෝලනාත්මක හියුමන් ඉමියුනොග්ලොබියුලින් සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් ගැන කරුණු විමසීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ව CIDයට කැඳවා තිබේ.

එහි දී මාධ්‍යය වෙත අදහස් දක්වමින් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා, හියුමන් ඉමියුනොග්ලොබියුලින් සිද්ධිය පිටුපස සිටින මහ මොළකරුවන් තිදෙනෙකු පිළිබඳ ආන්දෝලනාත්මක අනාවරණයක් කළේය.

ඒ අනුව අදාළ මහ මොළකරුවන් ලෙස හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, අතිරේක ලේකම් වෛද්‍ය රත්නායක සහ ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා යන තිදෙනා ව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා විසින් නම් කර තිබේ.

Leave a Reply

Your email address will not be published.