බිරිඳට දස වද දුන් පොලිස් නිලධාරියා අත්අඩංගුවට

සිය බිරිඳට පහරදීමේ චෝදනාව යටතේ පොලිස් කොස්තාපල්වරයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි වියේ පසුවන පොලිස් කොස්තාපල්වරයෙකි.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවලින් අනතුරුව ඔහුව අධිකරණයට ඉදිරිපත් කර අනතුරුව රිමාන්ඩ් බන්ධනාගාරගතකර ඇත.

මේ අතර 13 හැවිරිදි වියේ පසුවූ ඔහුගේ දියණියව සැකකාර පොලිස් කොස්තාපල්වරයා විසින් අතවරයට ලක්කර ඇත්ද යන්න සම්බන්ධයෙන් ද විමර්ශනයක් ආරම්භ කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Leave a Reply

Your email address will not be published.