ඩෙංගු වැළඳී යාපනයේ තරුණයෙක් ජීවිතක්ෂයට

ඩෙංගු උණ වැළඳී සිටි වයස අවුරුදු 23ක තරුණයෙකු ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති බව යාපනය රෝහල් ආරංචි මාර්ග පවසයි.

යාපනය අච්චුවේලි ප්‍රදේශයේ පදිංචි රවිචන්ද්‍ර සාරුරන් නමැති තරුණයෙක් එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත. 

ගතවු සතියක කාලය තුළ යාපනය රෝහලේ ඩෙංගු රෝගීන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

ඩෙංගු උණ වැළඳුණ යාපනය, තාවඩි ප්‍රදේශයේ පදිංචි මාස 11ක් වයසැති මදුරන් කිරුතිෂ් නමැති පිරිමි දරුවෙකු 25 වැනිදා ජීවිතක්ෂයට පත්ව තිබිණි.

ඩෙංගු උණ වැළදී ප්‍රතිකාර ලබමින් සිටි යාපනය විශ්වවිද්‍යාලීය කලා පීඨයේ අධ්‍යාපනය හැදෑරූ ගුණරත්නම් සුබීන් නමැති සිසුවියක් ද පසුගිය 24 වනදා ජීවිතක්ෂයට පත්වුණි.

යාපනය රෝහල් අධ්‍යක්ෂකවරයා පැවසූවේ, දෙසැම්බර් මාසය තුළදී පමණක් ඩෙංගු උණ රෝගය වැළඳුන රෝගීන් 1,000කට ආසන්න පිරිසක් රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට යොමුව ඇති බවය.

පසුගිය අඟහරුවාද දිනයේ පමණක් ඩෙංගු උණ රෝගීන් 71 දෙනෙකු රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණ ඇති බවද රෝහල් අධ්‍යකෂකවරයා පැවසූවේය.

පවතින වැසි තත්ත්වය සමඟ යාපනය දිස්ත්‍රික්කය තුළ අධික ලෙස ඩෙංගු රෝගීන් වාර්තාවීම සිදුවන බව සෞඛ්‍ය අංශ පවසයි.

Leave a Reply

Your email address will not be published.