දියේ ගිලී තවත් දරුවෙක් අතුරුදන්

මාරවිල පොලිස් වසමේ මුදුකටුව මුහුදේ දියනෑමට ගිය පාසල් සිසුන් පිරිසක් අතරින් එක් දරුවෙක් දියේ ගිලී අතුරුදන්ව තිබේ.

පොලීසිය පැවසුවේ, ඊයේ (27) සවස මෙම අනතුර සිදුව ඇති බවය.

අතුරුදන්ව ඇති දරුවා අවුරුදු 16ක් වූ මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

දරුවන් තිදෙනෙකු මුහුදේ ගසාගෙන ගොස් ඇති අතර, ඉන් දෙදෙනෙකු බේරාගැනීමට හැකිව තිබේ.

අතුරුදන් වූ දරුවා සොයා පොලීසිය සහ ජීවිතාරක්ෂක කණ්ඩායම් වැඩිදුර සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කෙරේ.

නාත්තණ්ඩිය ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක් මෙලෙස දියේ ගසාගෙන ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published.