මත්පැන් මිල ඉහළට

සිය මත්පැන් මිල ගණන් සංශෝධනය කළ බව ඩිස්ටිලරීස් සමාගම (Distilleries Company of Sri Lanka PLC) පවසයි.

ඒ අනුව මිලිලීටර් 750 මත්පැන් බෝතලයක් රුපියල් 90කින් මිල ඉහළ යනු ඇත.

මිලිලීටර් 375 සහ මිලිලීටර් 180 මත්පැන් බෝතලයක මිල පිළිවෙලින් රුපියල් 50කින් සහ රුපියල් 20කින් මිල ඉහළ නංවා තිබේ.

මෙම මිල ඉහළ දැමීම 2024 ජනවාරි පළමු වනදා සිට ක්‍රියාත්මක අතර වැට් වැඩිවීම මත මෙම මිල ගණන් සංශෝධනය කෙරෙන බවද දැනුම්දෙයි.

Leave a Reply

Your email address will not be published.