ආරවුලක් බේරන්න ගිය තරුණයෙකුට පිහි ප්‍රහාරයක්

අවුරුදු උදාව සමග පැවති උත්සවයක් අතරතුර ඇතිවූ ගැටුමක් වැළැක්වීමට ගිය තරුණයෙකුට පිහි ප්‍රහාරයක් එල්ලවී තිබේ.

මෙම සිදුවීම වාර්තාවන්නේ පුත්තලම නගරයෙනි.

ගැටුම ඇතිවන අවස්ථාවේ එහි සිටි 20 හැවිරිදි වියේ පසුවූ තරුණයෙකු දෙපාර්ශ්වය සමථයකට පත්කිරීමට උත්සාහ කර ඇත.

එහිදී කිසියම් පුද්ගලයෙකු විසින් එල්ළකරන ලද පිහි ප්‍රහාරයක් ඔහුට එල්ලවී තිබේ.

එහිදී පිහිය ඔහුගේ උදරයේ සිරවී ඇති අතර එම පිහියද සමග තරුණයාව අලුයම 1ට පමණ පුත්තලම රෝහලට ඇතුළත් කර තිබේ.

එහිදී කඩිනමින් ඔහුට අවශ්‍ය මූලික ප්‍රතිකාර සිදුකර ඇති අතර අනතුරුව අද උදෑසන සැත්කමක් සිදුකර පිහිය උදරයෙන් ඉවත්කිරීමට පියවර ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published.