යුද්ධයෙන් අහිමි වූ ආදායම යළි උතුරට දෙනවා 

උතුරේ යුද්ධයෙන් අහිමිවූ ආදායම් නැවත උතුරට ලබා දීමේ සංවර්ධන වැඩපිළිවෙළ වේගවත් කිරීමට අපේක්ෂා කරන බව පැවසු ජනාධිපතිවරයා එහිදී ආගමික නායකයන්ට සිදුකළ හැකි කාර්යභාරය අතිමහත්  බවද  පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (06) පෙරවරුවේ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී උතුරු පළාතේ සර්ව ආගමික නායකයන් සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.

උතුරු පළාතේ ආරක්ෂක හමුදාව යටතේ පවතින ප්‍රදේශවල ඇති කෝවිල් හා පල්ලි පිළිබඳ ගැටළුවලට කඩිනමින් විසඳුම් ලබාදීමට කටයුතු කරන බවත්, එම ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණ කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.