“බුද්ධා බෝයි” නම් නේපාල ජාතිකයා අත්අඩංගුවට

“බුද්ධා බෝයි” ලෙස ප්‍රකට 33 හැවිරිදි නේපාල ජාතිකයා, ස්ත්‍රී දූෂණ චෝදනාවට අත්අඩංගුවට ගෙන තිබේ.

සිය ආශ්‍රම තුළදීම කාන්තාවන් දූෂණය කර ඔවුන් අතුරුදන් කර ඇති බවට Ram Bahadur Bomjon නම් මෙම පුද්ගලයාට චෝදනා එල්ල වී ඇත.

තමා බුදුන්ගේ පුනරුප්පත්තිය බවට පවසමින් වසර ගණනාවක් තිස්සේ ධ්‍යාන වඩමින් සිටි බවට පැවසෙන මෙම පුද්ගලයාට අනුගාමිකයින් දහස් ගණනක් සිටියි.

එමෙන්ම ඔහු ප්‍රකටව ඇත්තේ ආහාර, ජලය හෝ නින්දක් නොමැතිව මාස ගණනාවක් පුරා භාවනායෝගීව සිටිය හැකි අයෙකු ලෙසටය.

ගෙවුණු වසර කිහිපය තුළ වරින් වර ඔහුට මෙවැනි දූෂණ චෝදනා එල්ලවී තිබුණද, ඔහුව අඅත්අඩංගුවට ගැනීමට පොලීසියට නොහැකිවිය. 

Leave a Reply

Your email address will not be published.