හරක් කටාගේ සමීපතමයන් යැයි හඳුනාගත් පිරිස රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන නඳුන් චින්තක නොහොත් “හරක් කටා” සමඟ සමීප සබඳතා පැවැත්වූ බවට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් රඳවා තබාගැනීමට අධිකරණයෙන් අවසර හිමිවී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැලිගම, දික්වැල්ල, හා අතුරුගිරිය යන ප්‍රදේශවලදී මෙම සැකකරුවන්ව ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ අනුව ඔවුන්ව එළඹෙන 19 වනදා දක්වා එලෙස රඳවා තබාගෙන විමර්ශන සිදුකිරීමට නියමිතය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන සිටින නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අනුව ‍මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබුණි.

‍මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 24, 27, 32, 38, 39 සහ 43 යන වයස්වල පසු වන පිරිසකි.

Leave a Reply

Your email address will not be published.