ලංකාව ගැන මූල්‍ය අරමුදල සතුට පළ කරයි

ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරමින් ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති සැලකිය යුතු ප්‍රගතිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසුමට ලක්ව තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මූල්‍ය අරමුදල මෙම කරුණු සඳහන් කර ඇත.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග පළමු සමාලෝචනය සාර්ථකව අවසන් කිරීම පිළිබඳ මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබ පැතුම් එක් කළ නියෝජිත කණ්ඩායම ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා රජය සිදු කර ඇති අභියෝගාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ ඇගයිමට ලක් කළේය.

එසේම ආසියාව තුළ ප්‍රමුඛ ස්ථානයට පත් වෙමින් පාලන විනිශ්චය කිරීමේ වාර්තාව (Governance Diagnostic Report) ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී ඔවුහු සිය ප්‍රසාදය පළ කළහ.

විශේෂයෙන් ප්‍රතිපත්ති-නැඹුරු විචල්‍යයන් සහ මූල්‍ය ක්ෂේත්‍රයන්හි ස්ථාවරත්වය කෙරෙහි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන මගින් දිරි ගැන්වීමක් ලැබී ඇති බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් මහතා (Peter Breuer) සඳහන් කළේය. 

Leave a Reply

Your email address will not be published.