වෙඩිවැදී රියදුරෙක් මරුට – SI අත්අඩංගුවට

උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ ගිනිඅවියක් ක්‍රියාත්මකවීමෙන් රියදුරෙකුට වෙඩිවැදී ඔහු මියගොස් තිබේ.

අද (18) පස්වරුවේ මෙම සිද්ධිය ඇතිවී තිබුණේ දම්පැලැස්ස ප්‍රදේශයේදීය.

නාරම්මල ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනයවූ කුඩා ලොරි රථයක් හඹාගොස් නවතා ගැනීමට නාරම්මල පොලීසියේ නිලධාරීන් කටයුතු කර තිබුණි.

පසුව අදාළ රියදුරාව පරීක්ෂා කිරීමේදී උප පොලිස් පරීක්ෂකවරයාගේ ගිනිඅවිය ක්‍රියාත්මකවීමෙන් අදාළ රියදුරාට වෙඩිවැදී ඔහු මියගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ උප පොලිස් පරීක්ෂකවරයාව අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. 

Leave a Reply

Your email address will not be published.