යුක්තියෙන් තවත් පිරිසක් අත්අඩංගුවට

රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ ඊයේ (17) සිට අද (18) අලුයම දක්වා සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 943ක් අත්අඩංගුවට ගෙන තිබේ.

එම පිරිස අතර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 670ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 273ක් ඇතුළත් වේ.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 670 දෙනා අතරින් සැකකරුවන් 9 දෙනෙකුට රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර, නීතිවිරෝධී වත්කම් විමර්ශනයක්ද ආරම්භ කර ඇත.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් 25ක් පුනරුත්ථාපනය සඳහා යොමු කර තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 32ක්ද අත්අඩංගුවට ගෙන ඇත.

එසේම, අපරාධ අංශවෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 273 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 58ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 192ක්ද සිටී.

Leave a Reply

Your email address will not be published.