විශ්වවිද්‍යාල අනධ්‍යයන වෘත්තීය සමිති අද සංකේත වැඩවර්ජනයක

එක් පාර්ශ්වයකට පමණක් වැටුප් වැඩි කිරීමට විරෝධය පළ කරමින් අද ‍(18) දින සංකේත වැඩවර්ජනයක නිරත වන බව විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අභ්‍යන්තර ගැටලු මතුවෙමින් පවතින බවය.

ඒ අනුව වෘත්තීය සමිති 23ක සහභාගීත්වයෙන් එම වැඩවර්ජනය ක්‍රියාත්මක කෙරෙන බව අන්තර් විශ්වවිද්‍යාලයීය මහ සම්මේලනයේ සමලේකම් කේ.එල්.ඩී.ජී රිච්මන්ඩ් මහතා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published.