උද්ධමනය ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 2023 දෙසැම්බර් මාසයේදී මෙරට උද්ධමනය ඉහළගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව එම දර්ශකය අනුව 2023 වසරේ දෙසැම්බර් මාසයේදී උද්ධමනය සටහන් ව ඇත්තේ සියයට 4.2ක් ලෙසටය.

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 2023 වසරේ නොවැම්බර් මාසයේදී උද්ධමනය සියයට 2.8ක් ලෙස සටහන් විය.

මේ අතර 2023 වසරේ නොවැම්බර් මාසයේ සියයට -2.2ක් ලෙස පැවති ආහාර උද්ධමනය දෙසැම්බර් මාසයේදී සියයට 1.6ක් දක්වා ඉහළගොස් ඇත.

Leave a Reply

Your email address will not be published.