චීනයේ තවත් ගින්නකින් ජීවිත රැසක් අහිමිවෙයි

චීනයේ ජියැංෂි පළාතේ ෂින්යු නගරයේ වෙළෙඳසැලක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 39 දෙනෙකු මියගොස් තිබේ.

අනතුරින් තවත් පුද්ගලයින් 09 දෙනෙකු තුවාල ලබා තිබුණි.

වෙළෙඳසැල පිහිටි ගොඩනැගිල්ලේ බිම්මහලෙන් ගින්න ආරම්භ වූ බව සිදුවීම ඇසින් දුටුවන් පවසා ඇත.

සිදුවීම සැලවීමත් සමඟ සහන අංශ ඒ වෙත පැමිණ ගින්න නිවීමටත්, මුදාගැනීම් සිදුකිරීමටත් කටයුතු කර තිබුණි.

ගින්න මේ වනවිට නිවාදමා ඇති අතර ගොඩනැගිල්ල තුළ සිරවූ තවත් කිසිවෙකුත් නොමැති බව එරට මාධ්‍ය පවසයි.

චීනය තුළ මෑතකාලීනව මෙවැනි ගිනි අනතුරු රැසක් වාර්තා වී තිබුණි.

මෙම සිද්ධිය වාර්තා වූයේ, පාසලක නේවාසිකාගාරයක ඇතිවූ ගින්නකින් සිසුන් 13 දෙනෙකු මියගොස් පැය 24ක් යාමටත් මත්තෙනි.

මේ අනුව අදාළ ගින්න ආරම්භ වූ ආකාරය සොයා විමර්ශන සිදුකරන ලෙස ජනාධිපති ෂී ජින්පින් නියෝග කර තිබේ.

Leave a Reply

Your email address will not be published.