සෞඛ්‍ය සාකච්ඡා සාර්ථකයි

ජනාධිපතාවරයාගේ මැදිහත්වීමෙන් තම ගැටලු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සමග පැවැත්වූ සාකච්ඡා වල පළමු පියවර සාර්ථකව අවසන් වූ බව සෞඛ්‍ය වෘත්තිය සමිති පවසයි.

ඒ අනුව සෞඛ්‍ය සේවයට අනුබද්ධ වෘත්තීය සමිති 72 ක් එක්ව අද (7) දිනයේ කැඳවීමට තිබූ සංඛේත වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පැවසීය.

තම ගැටලු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකකම්වරයා සමග මුදල් අමාත්‍යාංශයේදී ඊයේ (6) පස්වරු 4.30 ට පමණ මෙම සාකච්ඡා පැවති බවත් වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000ක දීමනාව ලබාදෙන්නැයි සෞඛ්‍ය වෘත්තිය සමිතිකළ ඉලල්ලීමට යහපත් ප්‍රතිචාරයක් දැක්වීමට එහිදී මඳල් අමාත්‍යාංශයේ නියෝජිතයන් කටයුතු කළ බවත් රවී කුමුදේශ් මහතා පැවසීය.

මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සහ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම හමුවේදී තම ගැටළු සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට ව්‍යුහාත්මක විසඳුමක් සඳහා නිල කමිටුවක් පත් කළ බවත් ඔහු සඳහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ මුදල් අමාත්‍යංශයේ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පත් කළ එම නිල කමිටුව සඳුදා රැස්වීමට නියමිත බවත් ඒ අනුව සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජනය ලබන අඟහරුවාදා තෙක් තාවකාලිකව අත් හිටුවන බවත් කුමුදේශ මහතා තවදුරටත් කීවේය.

වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000ක දීමනාව තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය සේවයට අනුබද්ධ වෘත්තීය සමිති 72 ක් එක්ව මෙයට පෙරද අවස්ථා තුනකකදී වර්ජනයක නිරත විය.

Leave a Reply

Your email address will not be published.