රෝහල්වලට සෙබළු 1100ක්

සෞඛ්‍ය වර්ජනය හේතුවෙන් අඬාල වූ රෝහල් කටයුතු බාධාවකින් තොරව සිදුකර ගැනීම සඳහා තවදුරටත් යුද හමුදා සෙබළුන් 1,100ක් යොදවා ඇතැයි ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.

රජයේ රෝහල්වල සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඊයේ (13) දිනයේදී වැඩවර්ජනයක් ආරම්භ කළේය.

එය දෙවැනි දිනටත් අද දිනයේ ද සිදුකිරීම හේතුවෙන් මහජනතාව දැඩි ලෙස අසිරුතාවයට පත්ව ඇති අතර, සෞඛ්‍ය පද්ධතිය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යෑම සඳහා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ උපදෙස් මත මෙම භටපිරිස් යෙදවා ඇත.

Leave a Reply

Your email address will not be published.