වාහන කුලියට ගෙන අපචාර සඳහා දුන් සැකකරුවෙකු අත්අඩංගුවට

කුලී පදනම මත වාහන ලබාගෙන ඒවාට ව්‍යාජ ලේඛන සකසා වෙනත් පුද්ගලයන්ට උකස් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

රුවන්වැල්ල පොලීසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර, මෙම වාහන විවිධ අපචාර සඳහා ද ලබා දී ඇති බවට වාර්තා වේ.

අත්අඩංගුවට ගන්නා විටත් සැකකරු සන්තකයේ තිබූ වාහන 05ක් පොලීසිය සොයා ගෙන ඇති අතර, සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව සඳහන් ය.

Leave a Reply

Your email address will not be published.