මියන්මාර මිනිස් ජාවාරමට තවත් ශ්‍රී ලාංකිකයෙක් රැගෙන එයි

සංචාරක වීසා මත තායිලන්තයට ගොස් එහි දේශසීමාව හරහා මියන්මාරයට ඇතුළුවූ ශ්‍රී ලාංකිකයින් 25කට වැඩි පිරිසක් එරට ත්‍රස්තවාදී සංවිධානයක් විසින් සිය ග්‍රහණයට ගෙන ඇති බව අප පසුගිය මාස කිහිපය තුළ වාර්තා කළේය.

එම පිරිස මියන්මාරයේ ත්‍රස්ත කඳවුරක් තුළ බලහත්කාරයෙන් රඳවාගෙන සයිබර් වහලුන් ලෙස සේවය ලබාගන්නා බව අනාවරණය වුණි.

එවැනි පසුබිමක් තුළ තවත් ශ්‍රී ලාංකිකයෙක් එම සයිබර් වහල් කඳවුර වෙත රැගෙන ගොස් ඇති අතර එම ශ්‍රී ලාංකිකයා මියන්මාරයේ ත්‍රස්තවාදින් රැගෙන යන අයුරු වීඩියෝ කර තිබුණි.

ඔහු තොරතුරු අනාවරණය කර ඇති පරිදි ඉදිරියේදී තවත් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අදාළ කඳවුර වෙත රැගෙන ඒමට ද නියමිතය.

Leave a Reply

Your email address will not be published.