ශ්‍රී ලංකාව ඉන්දියාව දෙස බලන්නේ හවුල්කරුවෙකු ලෙසයි

ශ්‍රී ලංකාව ඉන්දියාව දෙස බලන්නේ සහෝදරයෙකු සහ හවුල්කරුවෙකු ලෙස බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය ඉන්දීය මාධ්‍ය වෙත පවසා තිබේ.

ඉන්දියාව තම රට පරිවර්තනය කර ඇති ආකාරය බැලීමට අවශ්‍ය බවත් 2047 වන විට එය සංවර්ධිත ජාතියක් බවට පත්වන ආකාරය දැකීමට අවශ්‍ය බවත් ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු තවදුරටත් පවසා ඇත.

එමෙන්ම ඉන්දීය සමාගම්වලට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කරන බවත්, 2048 වනවිට ශ්‍රී ලංකාව සංවර්ධිත රාජ්‍යයක් බවට පත්වීමට අපේක්ෂාවෙන් සිටින බවද ඔහු ඉන්දීය මාධ්‍ය වෙත පවසා තිබේ.
 

Leave a Reply

Your email address will not be published.