ලෙල්ලම වෙඩිතැබීමට සැකපිට දෙදෙනෙක් අත්අඩංගුවට

මෝදර ලෙල්ලම ප්‍රදේශයේදී ඉකුත් 16 වනදා යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු තවත් පුද්ගලයෙකුට වෙඩිතබා තිබුණි.

එලෙස මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට තැත් කිරීමේ අපරාධය සම්බන්ධයෙන් මෝදර පොලීසිය සහ කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශන පැවැත්විය.

ඒ අනුව මෙම අපරාධය සඳහා ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (22) සවස අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ සේදවත්ත පළු පාලම අසලදී සහ පර්ගියුෂන් පාර ප්‍රදේශයේදීය.

ඔවුන් 16 සහ 21 හැවිරිදි වියේ පසුවන තරුණයින් දෙදෙනෙකි.

පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ එක් සැකකරුවෙක් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 451ක් සොයාගෙන ඇති බවය.

Leave a Reply

Your email address will not be published.