හරක් කටා ගැන අභියාචනාධිකරණයෙන් නියෝගයක්

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තා දැනට රඳවාගෙන සිටින ස්ථානය වෙනස් කරන්නේ නම් ඒ පිළිබඳව අධිකරණයට දැනුම් දිය යුතු බවට නිකුත් කර තිබූ නියෝගය මාර්තු මස 28 වනදා දක්වා දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය අද (22) නියෝග කළේය.

ඔහු මේ වනවිට රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටියි. 

හරක් කටා නැමැත්තාගේ පියා විසින් ගොනු කළ පෙත්සමක් අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරුණි.

මෙම පෙත්සමට අදාළ විරෝධතා තිබේ නම් ඒවා මාර්තු මස 15 වනදාට පෙර ගොනුකරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කළ අධිකරණය මාර්තු 28 වනදා පෙත්සම් විභාගය සිදුකරන බවත් නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published.