සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් දැනුම්දීමක්

සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා මේ වර්ෂයට වෙන්කර ඇති රුපියල් බිලියන 410ක මුදලින් බිලියන 180ක් වෛද්‍ය උපකරණ ලබා ගැනීම සඳහා වෙන්කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, පසුගිය කාලයේ ඇති වූ ආර්ථික අර්බුදයත් සමඟ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ද යම් පසුබෑමක් ඇතිවුව ද මේ වන විට එම තත්ත්වයන් කළමනාකරණය කර ගැනීමට හැකි වී ඇති බවයි.

ශ්‍රී ලංකා වෛද්‍ය උපකරණ කර්මාන්ත මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරින්ගේ වාර්ෂික හමුවට සහභාගි වෙමින් රමේෂ් පතිරණ අමාත්‍යවරයා එම අදහස් පළ කළේ ය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, 2015 වසරේ දී ආරම්භ කරන ලද මෙම සංගමය මෙරටට අවශ්‍ය වෛද්‍ය උපකරණ සහ සේවා සැපයීමෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටුකරන බවයි.

Leave a Reply

Your email address will not be published.