වනිඳු හසරංග ට තරග තහනමක්

ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ නායක වනිඳු හසරංග ට ICCයෙන් තරග තහනමක් පවනවා තිබේ.

ICC නීති සංග්‍රහය කඩකිරීම හේතුවෙනි ඔහු සම්බන්ධයෙන් මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව වනිඳු හසරංගට ජාත්‍යන්තර තරග දෙකක තහනමක් පනවා ඇති අතර තරග ගාස්තුවෙන් සියයට 50ක දඩයක් ද පනවා ඇති බව වාර්තා වෙයි.

පසුගියදා පැවති ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන තුන්වැනි 20/20 තරගයෙන් අනතුරුව විනිසුරු ලින්ඩන් හැනිබල් ගේ තීරණයක් විවේචනය කිරීම හේතුවෙන් ඔහුට එරෙහිව දඬුවම් ලකුණු එක්කර තිබුණි.

ඒ සමගම ඔහුගේ දඬුවම් ලකුණු මාස 24 ක් තුළදී 5ක් වීම හේතුවෙන් ඔහුට එරෙහිව එම තරග තහනම පැනවෙයි.

මෙම තත්ත්වය යටතේ හසරංග ට එක් ටෙස්ට් තරගයක් හෝ එක්දින තරග දෙකක් හෝ 20/20 තරග දෙකක් තහනම් වෙයි.

Leave a Reply

Your email address will not be published.