කැලණියේ මහා ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු CID අත්අඩංගුවට

කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු, කැලුම් මුදන්නායකව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ පසුගිය කාලයේ විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ සිදුවු නවක වධය සිදුවීමක් සම්බන්ධයෙනි.

කැලුම් මුදන්නායක පොලීසිය මඟහැර සිට ඇති අතර, ඔහු කටුනායක ගුවන්තොටුපොළින් විදෙස් ගතවීමට උත්සාහ දැරීමේ දී මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ.

අද (26) දින ඔහුව මහර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.