මිලියන 30කට අධික අයිස් තොගයක් හැදලිින් අත්අඩංගුවට

මිලයන 30කට අධික අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 3කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙකු යුධ හමුදා බුද්ධි අංශයේ තොරතුරු මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 27 සහ 31 හැවිරිදි වියේ පසුවන සේදවත්ත සහ මට්ටකුලිය ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි.

වත්තල පොලිස් වසමේ හැඳල ඇළකන්ද ප්‍රදේශයේදී මෙම සැකකරුවන් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 03යි ග්‍රෑම් 336ක් සොයාගෙන ඇත.

සැකකරුවන් අද(07) දින වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදරිපත් කර රැදවුම් නියෝග ලබා ගැනීමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published.