රාවණා බලය වෙබ් අඩවි හිමිකරු රිමාන්ඩ්

ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් වන ආකාරයෙන් ප්‍රවෘත්තියක් සිය වෙබ් අඩවිය මගින් ප්‍රචාරය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ රාවණා බලය පුවත් වෙබ් අඩවියේ හිමිකරු වන ජී. පී. නිශ්ශංක ලබන 20 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (06 දා) නියෝග කළේය.

පසුගිය මස 16 වැනිදා යුද හමුදාපතිවරයා විසින් පෞද්ගලිකව කරන ලද පැමිණිල්ලක් අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය විසින් එම සැකකරු පෙරේද (05 දා) ගොඩකවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබිණි.

සිය සේවාදායකයා ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් වන ආකාරයේ කිසිදු ප්‍රවෘත්තියක් පළකර නොමැති බවත්, ඔහු හමුදාපතිගේ කුස්සියත් වායුසමීකරණය කරලා, හමුදා සෙබළියන් දූෂණයට ලක්වෙනවා වැනි ප්‍රවෘත්ති කිහිපයක් පළකර ඇති බවත් එම සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමිල එගොඩමහවත්ත මහතා අධිකරණයට පැවසීය.

Leave a Reply

Your email address will not be published.