ඩෙංගු සඳහා එන්නතක් ?

කොරෝනා වසංගතය සමයේ බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් සරසවිය නිපදවූ ඇස්ට්‍රාසෙනිකා එන්නත මෙන්ම ප්‍රෝටීන මත පදනම් වූ නොවැක්ස් කොවිඩ් එන්නත නිෂ්පාදනය කළ ඉන්දියාවේ පූනේ නුවර පිහිටි සීරම් ආයතනය අද ලෝකයේ විශාලතම එන්නත් නිෂ්පාදකයා බවට පත්වී තිබේ.

දැන් ඔවුන් කොවිඩ් එන්නත්වලින් ඔබ්බට ගොස් තවත් රෝගවලට එන්නත් ගවේෂණය කිරීමේ නිරත වෙයි.

සීරම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී අදාර් පූනවල්ලා ප්‍රකාශ කළේ ඉදිරි වසර කිහිපය තුළ මැලේරියාව සහ ඩෙංගු රෝගය සඳහා ද එන්නත් නිපදවීමට සීරම් ආයතනය පර්යේෂණ ආරම්භ කර ඇති බවය.

සීරම් ආයතනය මෙලෙස නව එන්නත් නිෂ්පාදනය පිළිබඳව අවධානය යොමුකිරීමට තවත් හේතුවක් වන්නේ ඉල්ලුම අඩුවීම නිසා කොවිඩ් එන්නත් නිෂ්පාදනය කපාහැරීමට සිදුවීම ය.

එලෙස තවත් රෝගවලට නව එන්නත් නිෂ්පාදනය කිරීමෙන්, සීරම් ආයතනයේ එන්නත් නිෂ්පාදනය බිලියන 2 1/2කින් පමණ ඉහළ නැංවිය හැකි බව එහි ප්‍රධාන විධායක පූනවල්ලා ප්‍රකාශ කරයි.

කොවිඩ් වසංගත සමයේ සිය නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා සීරම් ආයතනය අමෙරිකානු ඩොලර් බිලියන 2ක් පමණ වැය කළේය.

සීරම් ආයතනය මේ වනවිට වාර්ෂිකව එන්නත් මාත්‍රා බිලියන 1.5ක් පමණ අලෙවි කරයි.

එහි නිෂ්පාදන ධාරිතාව මාත්‍රා බිලියන 4ක් පමණ වෙයි.

Leave a Reply

Your email address will not be published.