මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙකු කොටුවෙයි

දිවයිනේ විවිධ ප්‍රදේශවල මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ නිරතව සිටි පුද්ගලයෙකු යුද හමුදා බුද්ධි අංශයේ තොරතුරු මත අද (13) දින මාතර නගරයේදී කේරල ගංජා කිලෝ ග්රූම් 3 ක් සමග මාතර පොලිස් විශේෂ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු ෆැන්සිස් සේවියර් නැමති යාපනය පදිංචිකරුවෙකු වන අතර, මොහු කිලිනොච්චිය ප්‍රදේශයේ සිට මෙම මත්ද්‍රව්‍ය තොගය මාතර නගරය වෙත ගෙනවිත් ඇති බවට විමර්ශණවලදී අනාවරණයවී ඇත.

මේ සම්බන්ධ වැඩිදුර පරික්ෂන මතර පොලිසිය මගින් සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published.