බෝතල් කටුවකින් කපා කාන්තාවක් ඝාතනය කරයි

කුලී කාමරයක් තුළ තිබී ඝාතනය කරන ලද කාන්තා මළසිරුරක් සොයාගෙන ඇත.

පොලීසිය සඳහන් කළේ සීදූව මුතුවාඩිය ප්‍රදේශයේ කාමරයක් තුළ 26 හැවිරිදි තරුණ කාන්තා සිරුරක් මෙලෙස සොයාගත් බවය.

ඇය පලුගොල්ලාගම මෙගොඩවැව ප්‍රදේශයේ පදිංචිකාරියක් බවට හෙළිවී ඇත.

අනියම් පුරුෂයා සමග ඊයේ (14) රාත්‍රියේ ඇතිවූ ආරවුලක් හේතුවෙන් අනියම් පුරුෂයා විසින් ඇයගේ ගෙල බෝතල් කටුවකින් කපා ඝාතනය සිදුකර ඇති බවට මූලික විමර්ශනවලදී පොලීසියට අනාවරණය වී තිබේ.

සැකකරු පළාගොස් ඇති අතර සීදූව පොලීසිය විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published.