සංක්‍රමනිකයින් පිරිසක් මුහුදේ ගිලී මරුට

මධ්‍යධරණී මුහුදේ යාත්‍රා කරමින් තිබූ අනවසර සංක්‍රමණික යාත්‍රාවක් ගිලී යෑමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 60 දෙනෙක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ ලිබියාවේ සිට යුරෝපය බලා යාත්‍රා කරමින් සිටි අනවසර සරණාගතයින් රැගත් යාත්‍රාවකි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉතාලිය හෝ මෝල්ටාව බලා එම යාත්‍රාව ගමන් කරමින් පැවති බවය.

අනතුරට ලක්වී සිටි පිරිසෙන් පුද්ගලයින් 25 දෙනෙක් මුදාගැනීමට හැකිවී තිබේ.

Leave a Reply

Your email address will not be published.