රුසියාවේ බලය නැවතත් පුටින්ට

නැවත වරක් රුසියානු ජනාධිපති ධූරය සඳහා ව්ලැදිමීර් පුටින් තේරී පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

පෙර ඡන්ද ප්‍රතිඵල අනුව 87%ක අති විශිෂ්ට ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ව්ලැදිමීර් පුටින් පස්වැනි වරටත් රුසියාවේ ජනාධිපති ධූරයට හිමිකම් ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

2024 රුසියානු ජනාධිපතිවරණය පසුගිය 16 වනදා ආරම්භ වී තිබුණා.

2000 වසරේ සිට රුසියාවේ බලය හොබවන 71 හැවිරිදි ජනාධිපති පුටින් 2004, 2012 සහ 2018 වසරවලදී නැවත තේරී පත්වීම විශේෂත්වයක්.

Leave a Reply

Your email address will not be published.