සැක කටයුතු මරණයක්

හපුතලේ, පිටපොළ ප්‍රදේශයේ මාර්ගය අයිනේ ළඳු කැලැවක පුද්ගලයෙකු සැකකටයුකු ලෙස මියගොස් තිබේ.

ඊයේ (23) උදෑසන කාලයේදී එම සිද්ධිය වාර්තා වූ බව පොලීසිය පවසයි.

එසේ මියගොස් ඇත්තේ, බෝවත්ත, ඉදල්ගස්හින්න ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකි.

මෘත ශරීරය මහෙස්ත්‍රාත් පරික්ෂණය සිදුකර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා දියතලාව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් හපුතලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published.